හැදින්වීම

දැක්ම

බස්නාහිර පළාත්වාසී අඩු ආදායම්ලාභී නිවාස අහිමි ජනතාවට තෘප්තිමත් පරිසරයක තමන් සතු නිවසක පදිංචි වී සිටීමට වතාවරණය සලසා දීම.

මෙහෙවර

බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී ජනතාවට සුදුසු නිවසක් ඉදිකර ගැනිමට හා පවතින නිවස  වැඩිදියුණු කිරීම සදහා ආධාර ලබාදිම හා 1972 අංක.07 දරණ ගෙවල්කුලී  පනතේ  විධිවිධාන ක්‍රියාවට නැංවිමෙන් පළාතේ ජනතාවට සහනය සලසා දිම

කාර්යභාරය

  • —ගෙවල්කුලී පනතට අනුව පළාත තුළ පවත්වාගෙන යනු ලබන ගෙවල්කුලී මණ්ඩල 14 මගින් ප්‍රදේශයේ නිවාස අයිතිකරුවන් හා කුලී නිවැසියන් අතර පවතින ගැටලු නිරාකරණය කිරීම.
  • —ගෙවල්කුලී පනතේ 18 “අ” වගන්තිය ප්‍රකාර ප්‍රතිසංවර්ධනය කිරීම සදහා පැරණි ගොඩනැගිලි කඩා දැමිමට අවසර ලබාදිම යටතේ අදාළ දේපලින් ඉවත්ව යන කුලී නිවැසියන් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට අයිතිකරු වෙතින් වන්දි මුදල් ලබා ගැනිමටත් ගෙවල් කුලි පනතේ පවතින විධිවිධාන යටතේ අවශ්‍ය කටයුතු සලසා දිම.
  • ගෙවල්කුලි පනතේ 22 වැනි වගන්තිය යටතේ කුලි නිවැසියන් නෙරපිමේ පරීක්ෂණ  කටයුතු හා නඩුකටයුතු සදහා වන්දි මුදල් භාර ගැනිම හා පනතට අදාළව අධීක්ෂණ කටයුතු    කිරිම.
  • —පළාත් නිවාස සංවර්ධන අරමුදලේ අදාළ ප්‍රඥප්තියට අනුව අඩු ආදායම්ලාභීන්ට නිවාස  ආධාර ලබාදිම  හා  පසු විපරම් කිරිම.
  • —පළාත් සංවර්ධන වැඩසටහන/පළාත් නිශ්චිත වැඩ සටහන/උපමාන පාදක වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන්ට ද්‍රව්‍ය ආධාර  ලබාදිම.

හිටපු නිවාස කොමසාරිස්වරු

ජී.ලේඛා ගීතාංජලී පෙරේරා මිය

පී.එච්.කොළඹගේ මිය

ඒ.කේ.නන්දනී එච්. ප්‍රනාන්දු මිය

එම්.එම්.සී.කේ.කේ.මාන්නප්පෙරුම මයා