දෙපාර්තමේන්තුව මඟින් සැලසෙන මහජන සේවාවන්

සේවාව ඉදිරිපත්කල යුතු ලියවිලි ඉදිරිපත් කල යුතු අයුරු
1.1972 අංක:07. දරන ගෙ.කු.ප.18 අ වගන්තිය යටතේ කුලී නිවැසියෙකුට කුලියට දෙන ලද ,පදිංචිවීමේ හෝ ව්‍යාපාරික කාර්යය සඳහා පාවිච්චි කරන අවු: 40 ට වඩා පැරණි ගොඩනැඟිල්ලක් ප්‍රතිසංවර්ධනය කිරිමට අවසර ලබාදීම. 1.අදාළ දේපලේ අයිතිය සනාථ කිරීමට අදාළ ඔප්පුව/බිම් සැලැස්ම

2.අදාළ ගොඩනැඟිල්ල වසර 40 කට වඩා පැරණි බව තහවුරු කිරීමට අදාළ ලේඛන

3.නව ගොඩනැඟිල්ල සෑදීම සඳහා මුදල් ප්‍රතිපාදන ඉල්ලුම්කරු සතුව ඇති බව තහවුරු කිරීමට ඇති ලේඛන

4.ප්‍රතිසංවර්ධන යෝජනා ක්‍රමය පිළිබඳ අනුමත ගොඩනැඟිලි සැලැස්මක්, වියදම් ඇස්තමේන්තුවක් හා ප්‍රමාණ ලැයිස්තුවක් .

අදාළ අයදුම්පත සම්පූර්ණ කර නිවාස දෙපාර්තමේන්තුවට බාර දිය යුතුය.
2.1972 අංක: 07 දරණ ගෙ.කු.ප 22(1) හා 22(2) වගන්ති යටතේ මාසික සම්මත කුලිය රු:100/-ට අඩු හා රු:100/- ට වැඩි ස්ථානයක කුලී නිවැසියා නෙරපීම සඳහා වන නඩු කටයුතු වලට අදාළ මුදල් තැන්පතුභාර ගැනිම. මාසික සම්මත ගෙවල්කුලිය තීරණය කරන ලද ලේඛණය. අදාළ අයදුම්පත සම්පූර්ණ කර නිවාස දෙපාර්තමේන්තුවට බාර දිය යුතුය.
3.ප්‍රදේශයේ නිවාස අයිතිකරුවන් හා කුලීනිවැසියන් අතර පවතින ගැටලු නිරාකරණය කිරීම අදාළ ගෙවල්කුලී මණ්ඩලයෙන් අයදුම්පතක් ලබා ගැනීම හා

ගෙවල්කුලී මණ්ඩලය විසින් නියම කරන ලද මුදල ගෙවූ කුවිතාන්සිය

සම්පූර්ණ කරන ලද අයදුම්පත අදාළ ගෙවල්කුලී මණ්ඩලය වෙත භාර දිම.
4.බස්නාහිර පළාතේ කොළඹ,ගම්පහ කලුතර දිස්ත්‍රික්ක 03 ආවරණය වන පරිදි නිවාස ආධාර ලබා දිම. නිවාස ආධාරයක් ලබාගැනීම සඳහා පලමුව ඉල්ලිම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.

සුදුසුකම් පරීක්ෂාකර ලබා දෙන අයදුම්පත්‍රය සඳහා පහත සදහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.

1.ඉඩමේ අයිතිය තහවුරු කිරිම සඳහා ඔප්පු පිටපතක්.

2.පදිංචිව සිටින්නේ තමන්ගේ නොවන ඉඩමක නම් එම ඉඩමේ අයිතිකරු විසින් අදාළ නිවස ඉදිකිරීමට අවසර ලබාදෙන බවට ලිපියක්.

3.ඉඩමේ අයිතිය සතුව පවතින  පියා හෝ  මව මියගොස් ඇති නම් දරුවන් එක් අයෙකුට වැඩි ගණනක් සිටීනම් ඉඩමේ  නිවාසය තනන අය විසින් අනෙකුත් සහෝදර සහෝදරියන් ගෙන් නිවාස ඉඳිකිරීම පිළිබඳව කිසිම විරුද්ධත්වයක් නොමැති බවට ලියවිල්ලක්.

4.වියදම් ඇස්තමේන්තුවක්

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය  ග්‍රාම සේවා නිලධාරිගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත භාරදිම හෝ තැපෑල මඟින් එවිය යුතුය.